මිතුරිය…..

මංමුලා වු ලොවක් තුල
අතර මං වුයෙකු ලෙසින්
හබා යන්නේ  මිරිගුවක් පසුපස
අදරය ,අයදිමින් කුමකටද සොහුරියෙ
හබා ‍යන්නේ පිස්සියක සේ
අධ්‍යාපනය නැමැති
කිරැල පළදින්න
එය ඔබට බාදාවකි
සිතන්න මිතුරිය
අදම, ඔබ
ඔබ ගැන……………..

Advertisements
Posted in මගේ අදහස් | Tagged | 1 Comment

අවුරුදු කුමාරයා ඇවිත්.

එරබදු මල් රක්ත වර්ණයෙන් හිරු කීරනට දිලිසෙයි. තුරුලතා පෙළ මල් හා පල විඩාබරව ඔසවා සිටියි.රබන් සුරල් අතරේ කොහාගේ හඩ නැගී සිටින්නේ වසන්ත කාලය එළ‍ඹෙන බව කියාන්නාක් මෙනි. මේ අවුරුදුදටත් අවුරුදු කුමාරයා ඒවිද අම්මේ නිවස ඉදිරිපිට වැලිතලාවේ තම දබරැගිල්ල එහා මෙහා  හසුරුවා සිතුවමක් කුරුටු ගාමින් රංග ව්මසුවේය.
පුතාට තෑගි අරගෙන අද හෙටම අවුරුදු කුමාරයා ඒවි කුසුමි තම පුතු සැනසුවාය.
අන්න අම්මේ තාත්තා එනවා නිවසේ කඩුල්ල පසුකර පැම්ණෙන පියාගේ රුව දුටු රංග කෑගැසුවේය.
මෙන්න මම පුතාට තෑග්ගක් ගෙනාවා.
පියා දෙඅතේ සිරකර සිටි සුරතලු පුසෙකු රංග අසලින් තැබුවේය. සුදු හා දුඹුරු වර්ණයෙන් සුන්දර වී සිටි සුරතලා නිරතුරුවම වලිගය දෙපසට සෙලවීය.නිල්වන් දෑස්  යුගලක් ඇත් නිසා  ඌ වඩාත් සුන්දර විය.
හරිම ලස්සනයි තාත්තේ රංග පුසාව තුරුලු කරගත්තේය.
මගේ පුතා සතුන්ට ආදරේ නිසා පුංචි හාමුදුරුවෝ  පුතාට දෙන්න කිව්වා. රංගගේ පියා හිස අතගෑවේ ආදරයෙනි.රංග සිනාවකින් තම පියාට ස්තුතිය පුද කළේය.
ම්……..ම් කීටි කියලා තියන්න පුතේ මතකයට නැගුණ නමක් ඇය මිමිණුවාය.
එහෙනම් අම්මේ මම කිටී එක්ක සෙල්ලම් කරන්න යනවා. රංග සුරතලාව තුරුලු කරගෙන කඩුල්ල පැන දිව ගියේය.
පුතා අදත් ඇහැව්වා අවුරුදු කුමාරයා ඒවිද කියලා. සමන්ට තේ කෝප්පය පිළිගන්වම්න් සුකුම් පැවසුවාය.
මේ පාර කුලී වැඩවලින් අතසරුවන පාටක් නම් නෑ වගේ තේ කෝප්පය හිස්කරමින්  සමන් පැවසුවේය.
එතකොට මේ පාරවත් පුතාට තෑග්ගක් අරන් දෙන්න බැරිවෙයිද?  කුසුම් විමසුවාය.
අවුරුද්දට ඕන කරන දේවල් ගත්තාම ඉතිරියක් ගැන හිතා ගන්න වත් බෑ. සමන් පැවසුවේ ශෝකයෙනි.
රංග සුරතලා සමග සෙල්ලම් කළේ ඉතා ප්‍රීතියකිනි. තම සුරතලාව තුරුලට ගෙන ඌ හා බස් තෙපළීමට ඔහු දැඩ් ආශාවක් දැක්ව්ය. කිටී සමග රංගගත කළේය.
අවුරුදු උදාවන මොහොත සෙමින් සෙම්න් ළං ව්ය. ඒ  සමගම නිවසේ  සුළු කාර්යයන් රංගට  නොහැකිවිය. ඒ සදහා රංග කොතරම් උත්සහා ගත්තද ඒවා ආසාර්ථක ව්ය. මේ නිසා කිටීද තමාව අමතක කර ඇති බව රංගට වැටහුණේ කිටී වත්තේ හෝ තම නිවසේ නොරදුනු නිසාය.
ලෝ දනන්  පැතුම් පොදි බැදගෙන ආදරයෙන් පිළිගැනිමට බලා සිටි පින්බර  අවුරුද්ද  උදාව්ය.
එය සැමට සුවදායක  මනරම් දිනයක් ව්ය. නමුත්  රංගට එය එසේ නොවිය.
උදෑසන කිරිබත් මේසයෙන් සමුගත් රංග තම පුංචි දෙපය වතුයාය සිසාරා යැවීය. අවුරුදු කුමාරයාගේ නොපැමිණිමත් කිටීගේ මතකයත් සිහියට නැගෙන විට සියුම් ශෝකයක්  ඹහුගේ සිතේ දලුලා වැවුණි.
වත්තේ කෙළවර තනවා ඇති  පුංචි අටුව සදසාන් ශබිදයක් මතුව්ය. රංග  ඒ දෙසට නැඹුරැව විමසිල්ලෙන් බලන්නට විය. පුංච් පෙටිටියක් තුළ  කිටී හා සුදු වළාකුළුවන් පුංචි සුරතලුන් තළින කර ඇති බව රංගට සිතුණී

අම්මේ මෙන්න  අවුරුදු කුමාරයා ඇවිත් එක් සුරතලයෙකු දෑතට ගනිමින් රංග කෑ ගැසුවේය. මව හඩ නැගුණු දෙසට  විගස දිව ආවාය.
මේ බලන්න අම්මේ අවුරුදු කුමාරයා මට දීපු  තෑග්ග රංග ආඩම්බරයෙන් කීවේසුරතලුන් තිදෙනාම ඇයට පෙන්වම්නි. මව පුදුමයෙන් ඒ දෙස බලා සිටියාය.
ඔව් පුතේ මම කීව්වනේ අවුරුදු කුමාරයා ඒව් කියලා කුසුම් රංගගේ හිස අතගෑවේය.

Posted in පත්තර ඇසුරෙන් | Tagged | Leave a comment

සැමදා අවුරුදු.

එරබදු කොමලිය සැරසෙයි                රැගුමකට
කොවුලා කෙවිලිය හා හාදවෙලයි      ගීයකට
ස්වර්ණ හිරු මඩල කීරණ විසුරැවයි    අහසට
ඇරයුමයි මේ පින් සාර බක්මහ              ට

දුම් රොද ඉහලට යයි කැව්ලි රස        පතුරන්නට
සැරසෙයි කෙසෙල් කැන නෑගමි        යන්නට
නැවුමි සළුපිළි ඇග දැවටෙයි              ලතාවට
මටත් ආසයි අවුරුදු කුමරිය               වෙන්නට

සොබා විසිතුරුසුබ ආසිරි පතයි මේ      අසිරියට
සිගිති සිනා හද පුරවයි කෙළි                දසුනට
අනන්ත වු ජන පැතුමි පීදෙයි නව        බක්මහට
සැමදා අවුරුදුයි සාමයෙ හිරු දිලෙන    කලට

Posted in Uncategorized | Tagged | Leave a comment

පරිනාමය.

සමාජයය මෙතරමි කුරිර
ඇයිදැයි මා නෙදනිමි
අසරණයා පෙළා දමන
දුර්ජනයා අගය කරන
කාසිවලට ලොල් කරනා
අධම මිනිසුන් පිරිසක්
මෙලොවට පහළ වුයේ කිමද
එය පරිනාමයේ ඒක්
අවස්ථාවක් දෝ……..
හඩනා සිත් සමච්චලයට ගෙන
ක්‍රීඩා කරනා මේ විශම
ලෝකයට  නැගණියේ
ඔබ අලුත පිපුණු කුසමකී
හදුනා ගන්න මේ කුරිරැ ලොකය
ඔබ  හඩා වී
ඔබ සමග හඩන පිරිසක් නැත
නමුත් ඔබ සිනාසෙන විට
ඔබ හා සතුටුවන්නට පිරිස් සිටිවී.

Posted in Uncategorized | Leave a comment

අපේ තාත්තා.

අපි තුන්දෙනා එක කුඩුවෙ තියාගෙන
අම්මත් එක්ක සෙනෙහෙන් අප වෙලාගෙන
දුක් සැප දෙකම හිනැහී විද  දරාගෙන
එළිචැට වුණා ආ මග දුර ගෙවාගෙන

ඉර නැග එන්න කලියෙන්  ඔබ අවදි වෙලා
සුපුරුදු ලෙසට ඔබෙ සෙනෙහස අපට බෙදා
ළගට අරන් කවි සිතිවිලි  ගොතා කියා
සෙනෙහස දුන්නේ ඔබ මා තුරුලටම අරන්

දහඩිය වගුරම්න් අපි පෝෂණ කරයි
අපේ දියුනුව දැකලා ඹබ සතුටින් ඉන්නේ
නිරතුරු ඔබේ මුදු වදනක සුව ව්දිනා
තාත්තා ඔබයි දරුවන් ළග නිති රැදේනා

Posted in Uncategorized | Leave a comment

සමාවෙන්න තාත්තේ.

සමාවෙන්න තාත්තේ

ඈත ඈත ඇස දිවෙනතෙක් පෙනෙන පොල් රුප්පාව මොන්රොවිය වතු යායයි. එහි අක්කර 1500ක් ඇතැයි තාත්තා පවසනු මා අසා ඇත්තෙමි. ගමේ බහුතරයක් වෙනත් රැකියාවල නිරත නොවු අතර සේවය කළේ මෙම වතු යායෙහිය. ඒ සදහා ගැහැණු පිරිමි හේදයක් දනෙවීය.තාත්තා දඑහි කම්කරුවෙකිත උදෑසන කුඹුරෙහි හෝ එළවළුකොටුවෙ‍හි වැඩක නිරත වන තාත්තා උදා ආහාරය ගැනිමෙන් පසු  වත්තෙහි නම් ලකුණු කිරිමේ පෙරෙට්ටුව යාම සාමාන්‍ය සිරිතය. තාත්තා නැවත ගෙදර පැමිණෙන්නේ දහවල් ආහාරය ගැනිමටය. දිවා ආහාරය ගැනීමෙන් පසු මද වේලාවක් ඉස්තෝප්පුවේ වැල් ඇද මත කෙටි කුකුල් නින්දක් නිදාගැනිමට තාත්තා පුරුදුව සිටී.
හිච්චි පුතා සද්ද කරන්නඑපා ඔතන. එවන් අවස්ථාවල අම්මා අපට අවවාද කරන්නීය.
සහෝදර සහෝදරියන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා මම වෙමි. පවුලේ බාලයා වුවද කිසි දිනක ඔවුන්ගේ ආදරයට බදුන් නොවීම. පවුලේ අම්මාත් තාත්තාත් හැරුණුකොට අපි සියළු දෙනා පාසල් ගිය අතර මා පාසලට අවැසි දේ මිලදී ගැනීමට තාත්තාගේ වැටුප කිසිසේත් ප්‍රමානවත් නොවීය. නොයෙකුත් අගහිගකම් මැද ජිවත් වු නිසාදෝ අපට සෙනෙහස ද ප්‍රමානවත් ලෙස නෙලැබෙන්නට ඇතැයි මට සිතේ.

පියන සහිත ටින් එකක් අම්මාගෙන් ඉල්ලාගෙන එතුලට වැලි පුරවා මැදින් හිල්කර කම්බි කෑල්ලක් දමා ලනු පටකින් බැද ඇදගෙන යා හැකි ලෙස සාදාගන්නා ලද ගල්රෝලයක් මගේ එකම සෙල්ලම් බඩුව ව්ය. එදිනෙදා  සුපුරුදු පරිදි ඉස්තෝප්පුවේ ඇති පඩිපෙලින් පහළට  සෙමෙන් සෙමෙන් ගල්රෝල බස්සම්න් සිටියෙම්. නොසිතු ලෙස කම්බිය ගැළවී යාමෙන් ගල්රෝල වේගයෙන් පඩ්පෙළින් පහලට ශබ්ද නගමින් ඇදී යන්නට ව්ය. මේ ශබ්දයෙන් නින්දේ සිටි තාත්තා උඩගොස්  බ්ම වැටුණේ තරහින් පුපුරමිනි.
මොකද්ද? බුරුවෝ කරන්නේ  වියරුවෙන්  කෑ ගැසු තාත්තා මගේ අතේ ඉතිරිව තිබු ලණුපට ගෙන එය දෙකට නමා මගේ පිටට ගසන්නට විය.

ලණුවෙහි  ගැටගසා  තිබු කම්බි කෑල්ල වැදීමෙන්  මාගේ පිට තුවාල වී පුපුරු ගසන්නට විය. මම අම්මා සොයා ගෙතුලට දිව ගියෙම්.
ආ පිට තුවල වේලා නේද ? අම්මා පීරීසි තට්ටුවකට පොල්තෙල් ටිකක් දමා කහ කුඩු මිශ්‍රකර තුවාලයෙහි ගාන්නට වුවාය.
ඒක තමයි මම  කියන්නේ තාත්තා එතන ඉන්නකොට සද්ද කරන්න එපාය කියල වේදනාවෙන්  කෙදිරිගාන  මා අස්වසාලන්නට මෙන් අම්මා කීවාය.

පීප්…………. පිප්………
තේ දළු ට්‍රැක්ටරය ගේ  ඉදිරිපිට පාරෙහි නතර කරමින්  තාත්තා කැදවනු ලබයි.
අන්න තාත්තා එක්ක යන්න ට්‍රැක්ටරය  ඇවිත්  අම්මා ඉස්තොප්පුවට එමින්  කීවාය.
තාත්තා පඩිපෙළ බැස පාරට යනවා මා බලා සිටියේ කදුළු අතර උපන් තරහවකිනි.
අම්මේ….. හ්ම්…….. හිච්චි පුතා
තාත්තාගේ කටහඩින්  පි‍යවී සිහීය ලද මා කාමරයට දිවගියෙමි.
පුතේ මගේ මේ පිට තියල තියන කොට්ටෙ තව ඩිංගක් උඩට කරන්න  මගේ පුතා තාත්තා කෙදිරි ගාමින් කියයි.
තාත්තා තේ දළු ට්‍රැක්ටරයසමග පෙරළි දැනට මාස කිහිපයකි.
සුසුම්නාව බිදිලා කියල තමා  දෙස්තර මහත්තුරු කියන්නේ   තාත්තා බලන්නට ආ කෙනකු සමග අම්මා කියනවා මා අසා සිටියේ  දැඩි කනස්සල්ලෙනි.
කාගේ දොසක් වැදුනද මංදා මට තාත්තා කදුළු පිරි දෙනෙතින් කියන විට මා කිසිවෙකුට නොපෙනෙන පරිදි දෙනෙත් වසා ගතිම්.
එවන් අවස්ථාවල තාත්තාගේ බෙල්ලේ එල්ලී බුදු තාත්තේ මට සමාවෙන්න කියා කෑගසා කියන්නට ඇත්නම් යැයි මට සිතේ.

Posted in පත්තර ඇසුරෙන් | Tagged | Leave a comment

කදුල.

එරුණේ දෙතන කිරි දෙදෙනාටම           එකට
ඉදුණේ ළිපේ බත බෙදුනේ එක              ලෙසට
හැදුණේ කැණිමඩල මත එක වහල          යට
පුතුනේ කිම වෙනස අදහනු නෙහැක       මට

ගත්තේ ගල්කුර එක කඩලා                  දෙකට
ඇන්දේ එක ඇදුම දෙන්නම                 මාරුවට
වින්දේ එකම දුක නුඹලා                       සීරුවට
මන්දැයි වැරදුණේ පුතුනේ පාර               තොට

ලෝකය දිනා එන නු‍ඹෙ සොහොයුරා         හට
ගරු බුහුමන් ලැබේ පාවඩ පලස                  පිට
ඉදහිට පෑල දොර ඇරුණා නුඹෙ                 අතට
කදුළැලි ගලයි එක විට සතුටට                    දුකට

Posted in පත්තර ඇසුරෙන්, Uncategorized | Tagged | Leave a comment